මම බෝම්බ කන්න ලෑස්තියි සජිත් කියයි

Share

එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් පැවසුවේ තමන් මරණයට වුවද මුහුණ දිමට සුදානම් බවයි.

එසේම “මගේ තාත්තා 1993 වසරේ මැයි මාසේ පළමු වැනිදා ජීවිතය පූජා කළේ කම්කරු ජනතාව වෙනුවෙන්. මම අද ආවේත් මරණයට මුහුණ දෙන්න. බෝම්බ කන්න  ලෑස්තියි, වෙඩි කන්න ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න ලෑස්තියි. මගේ හැම ලේ බිඳුවක්ම ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මගේ නහරයක් නහරයක් පාසා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දහඩිය සුවඳයි. මම කුඩුවෙලා කුඩුපට්ටම් වී ගියත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා” යැයි හිටපු අමාත්‍යවරයා වැඩ්දුරටත් රැළිය අමතමින් පැවසීය.

Read more

Local News