ඇවන්ගාඩ් නඩුව ලබන වසරට කල් යයි

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

ඒ ගාල්ල වරායේ ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලද චෝදනා යටතේය.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබිය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට කියා සිටියේ මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් එය දෙසැම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන අතර මේ හේතුවෙන් නඩු විභාගය සඳහා දීර්ග දිනයක් ලබා දෙන මෙන් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

2012 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමට අවසර ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණි.

Read more

Local News