ආරක්ෂක ලේකම් ධුරය හේමසිරිට

Share

 

ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස මහජන බැංකුවේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

අද (30) පස්වරුවේ අමාත්‍යංශ 12ක් සඳහා  නව ලේකම්වරු  12ක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේය. එම නාම ලේඛනය මෙසේය,

  • හේමසිරි ප‍්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්
  •  ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්
  •  ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
  • එල්.පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
  •  කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්
  • ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්
  •  පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්
  •  එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්
  •  වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
  •  එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
  • එස්.එම්. මොහොමඩ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
  • එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම්

 

Read more

Local News