සැමියා මැරූ බිරිඳට මාංචු වැටේ

Share

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බලංගොඩ සහ වලස්මුල්ල යන ප්‍රදේශවලදී මාතර කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අකුරැස්සවත්ත ප්‍රදේශයේදී පසුගිය 22 වනදා ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා අදාළ පුද්ගලයා ඝාතනය කර තිබුණි.

අත්අඩංගුවට ගත් කාන්තාව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ වන බවත් වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා හා මිය ගිය පුද්ගලයාගේ බිරිඳ අතර අනියම් ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවද පොලීසිය පැවසීය.

ඝාතනය සඳහා යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනි අවිය සහ ජීව උණ්ඩ 02 ක් සැකකරුවන් සතුව තිබී පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකාරිය සහ සැකකරුවන් තිදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Read more

Local News