හයදහසට ගිය කොළඹ කොටස් යළි හැරෙයි

Share

හයදහසට ගිය කොළඹ කොටස් යළි හැරෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 6,000 සීමාව කරා පැමිණියේය. කෙසේවෙතත් වැඩි වේලාවක් එම කඩඉමේ රැඳී සිටීමට සියලු කොටස් මිල දර්ශකයට ඉඩ නොලැබුණු අතර අද දින පස්වරු 2.30 ට ගනුදෙනු අවසන් වන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5960.80 මට්ටමේ පැවතිණි.

මේ අතර රුපියල් මිලියන 981.38 ක පිරිවැටුමක් අද දින කොටස් ගනුදෙනුවලින් වාර්තා වී ඇත.

එහිදී ටෝක්යෝ සිමෙන්ති, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හැටන් නැෂනල් බැංකුව හා කොමර්ෂල් බැංකුව යන සමාගම් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා වී තිබුණු අතර පිළිවෙලින් රු. මිලියන 64 ක්, රු. මිලියන 50 ක්, රු. මිලියන 45 ක් හා රු. මිලියන 50 ක් බැගින් වන පරිදි පිරිවැටුම් එම ගනුදෙනුවලින් වාර්තා වී තිබුණි.

දිගින් දිගටම සිදුවූ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් පහළ යාම හමුවේ පසුගිය සැප්තැම්බර් 18 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් මෙපිටට පැමිණියේය.

Read more

Local News