අභිරහස් ලෙස තරුණයෙක් මියයයි – කෙසෙල්ගමුඔයෙන් සිරුර හමුවෙයි

Share

අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ සිරුරක් කෙසෙල්ගමුඔයේ තිබි හමු වි ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

මෙසේ අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් වතු යායේ පදිංචි රාධා ක්‍රිෂාන් නැමති අවුරුදු 17 හැවිරිදි තරුණයෙකි.

ඊයේ (30) පස්වරු 3 ට පමණ මෙම තරුණයා ඔහු විසින් සිදු කරන එලවළු වගාව සදහා බෝංචි කොටු කැපිමට නිවසට පහලින් මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට දක්වා ගලා බසින කෙසෙල්ගමුඔය අසලට ගිය බවත්, එම
තරුණයා යලිත් නොපැමිණි නිසා වතු කම්කරුන් පිරිසක් ඊයේ පස්වරුවේ එම තරුණයා සොයා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකදි තරුණයාගේ සිරුර කෙසෙල්ගමුඔයේ තිබි හමු වි ඇත.

මිය ගිය තරුණයගේ පියා වතු කම්කරුවෙකු වශයෙන් සේවය කරන බවත්, මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටන බවත් මිය ගිය තරුණයාට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකු සිටන බවයි බගවන්තලාව පොලිසිය
පැවසුවේ.

මිය ගිය තරුණයාගේ සිරුර බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිරුර පශ්චත් මරණ පරික්ෂණ සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසුවේ.

Read more

Local News