රනිල් ඉවත් කිරිමට එරෙහිව ඉන්දියාවේ උද්ඝෝෂණ

Share

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සමිබන්ධයෙන් විරෝධය පළ කරමින් ඉන්දියාවේ නව දිල්ලි නුවර දකුණු ආසියා විශ්ව විද්‍යාලයක උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

එරට ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් පිරිසක් විසින් මෙම විරෝධතාව පවත්වා අැති අතර එම සිසුන් විසින් අත්සන් කළ පෙත්සමක්ද ඉන්දියාවේ නව දිල්ලි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කෙමසාරිස් කාර්යාලය වෙත භාර දී තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමත්‍ය ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් ලෙස පවසමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සිසුන් 1000 කට අධික සංඛ්‍යාවක් විසින් අත්සන් කර අැති අතර “අගමැති රනිල් වික්‍රිමසිංහ ඉවත් කිරීම හා මහින්ද රාජපක්ෂ පත්කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන දර්ශනය තුළ වර්ධනය වෙමින් පවතින අවිනිශ්චිතතාව පිළිබඳව නවදිල්ලියේ දකුණු ආසියානු විශ්ව විද්යාලයේ සිසුන් වන අපි සැලකිලිමත් වෙමු, පාර්ලිමේන්තුවේ දී බහුතරයක් නොමැතිව රහසිගතව සිදු කර ඇති මෙම ක්‍රියාව දැනටමත් ජනතාවගේ ජීවිතවලට සැලකිය යුතු බාධාවක් වී ඇති අතර ජීවිතද බිලිගෙන ඇත. මේ මොහොතේ ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම ක්‍රියාමාර්ගයේ නීත්‍යානුකූලභාවය ගැන අපි විවාද කරන්නේ නැත. ක්‍රියාකාරීත්වයේ ආචාර ධර්ම හා රට අස්ථාවර කිරීමට ඇති දේශපාලන අවිනිශ්චිතභාවය ගැන අපි සැලකිලිමත් වෙමු. ” එම ලිපියේ සඳහන්වේ.

Read more

Local News