පුපුරණ ද්‍රව්‍ය තොගයක් හම්බන්තොට නිවසකින් සොයාගනී

Share

හම්බන්තොට පොලිස් වසමේ පහළ අන්දරවැව ප්‍රදේශයේ නිවසක නීති විරෝධී හා අනාරක්ෂිත අන්දමින් ගබඩා කර තිබූ ඩෙටනේටර්, ඇමෝනියම් නයිට්රේට් සහ ඩයිනමයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍යය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරින්ට ඊයේ (30) ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

විදුලියෙන් ක්‍රියාකරන ඩෙටනේටර් 920ක් පෙට්ටි හයක ගබඩා කර තිබූ ඩයිනා කරල් 1200කට අධික ප්‍රමාණයක් සහ ඇමෝනියම් නයිට්රේට් කිලෝ ග්‍රෑම්25 බැගින් වූ උර 50කට අධික ප්‍රමාණයක් නිවස තුළ ගබඩා කර තිබියදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිළධාරින් සොයා ගෙන ඇත.

Read more

Local News