රමිත් රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Share

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (30) නියෝග කරනු ලැබිය.

ඒ බීමතින් රිය පදවා විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ ලද චෝදනා යටතේ වන අතර රමිත් රඹුක්වැල්ල මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

2018 මාර්තු මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාරාහේන්පිට ලේක් ඩ්‍රයිව්හිදී බීමත්ව, අධික වේගයෙන්, අපරික්‍ෂාකාරී අන්දමින්, රිය ධාවනය කොට යතුරුපැදියක ගැටි ගමන්ගත් දෙදෙනෙකු අනතුරට පත් කොට බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් වූ  චෝදනා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇත.

 

Read more

Local News