වේගයෙන් අා ත්‍රිරෝද රථය බස් රථයේ ගැටේ

Share

හැටන් සිට නුවරඑලිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පිටුපස එම දිශාවමට අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ගැටි අනතුරක් සිදු වි ඇති බව දිඹුල පොලිසිය පවසයි.

අද (31) උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරේදිය.

පෞද්ගලික බස් රථය පිටුපසින් අධික වේගයෙන් එම දිශාවමට ධාවනය වු ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය පවසන්නේ.

මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

Read more

Local News