දේව අපහාසයට මරණ දඬුවම නියම වූ ආසියාට නිදහස

Share

දේව අපහාසයක් යටතේ මරණ දඬුවමට යටත්ව සිටි පාකිස්ථාන කාන්තවකගේ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ.

2010 වසරේ ආසියා බිබී නමි පකිස්ථානු ජාතික කාන්තාව මරණ දඬුවමට නියම වු අතර ඊට හේතුව වුයේ සිය අසල්වාසීන් සමග ඇති කරගත් ගැටුමකදි මොහම්මද් තුමාට අපහාස කළේ යැයි ලද චෝදනා යටතේය.

පාකිස්ථාන අන්තවාදී පිරිස්  විසින් අධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුවට චෝදනා කරනු ලබන අතර දේව අපහාස නීතිය තදින්ම රට තුළ ක්‍රියාත්මක විය යුතු බව වැඩ්දුරටත් ඔවුන් පවසා තිබේ.

ඉස්ලාමාබාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදෙන විට අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, කරච්චි, ලාහෝර් සහ පේෂාවර් යන නගරවල ජනතාව ඒකරාශී වෙමින් මෙම තීන්දුවට එරෙහිව නැගී සිටින බවද විදෙස් වාර්තා පවසන අතර, රාවල්පින්ඩි සහ ඉස්ලාමාබාද් අතර පාරවල් ජනතාව අහුරා ඇති බවද වාර්තාවෙයි.

Read more

Local News