අරලිය මැඳුර කැළඹෙයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (31) අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පිළිබදව පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී මහජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය පැවසීය.

සිද්ධිය සැල වූ වහා අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව නොසන්සුන්තාවය සමනය කිරීමට පියවර ගත් බව එම නිවේදනයේ සඳහන්වෙයි.

එහි දැක්වෙන්නේ ‘අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්යාලය වන අරලිය ගහ මන්දිරය’ යනුවෙනි.

මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයන් දෙදෙනා සිය අනන්‍යතාවය ඔප්පුකිරීමට හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් තොරව අරලියගහ මන්දිරයට ඇතුල්වී තිබෙන බව ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණයේදී හෙළි වූ බවත් ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කර බලා ඔවුන් සුරක්ෂිතව කාර්යාල භූමියෙන් පිට කිරීමට අරලියගහ මන්දිර ආරක්ෂක නිලධාරීන් විසින් පියවර ගත් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News