ඛණිජ තෙල් වෙඩි තැබීම ගැන අඛණ්ඩ පරීක්ෂණ

Share

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අඛණ්ඩව පරික්ෂණ සිදුකරන බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකුගෙන් මේ වනවිට ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පරික්ෂණ කටයුතු අවසන් වූ වහාම ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ අතර වෙඩි තැබීමට සම්බන්ධ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකිරිමට අධිකරණය නියෝග කළේය.

Read more

Local News