එජාපයෙන් ඉවත් නොවී අගමැතිට සහය දෙන බව වසන්ත කියයි

Share

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවී අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රජය ශක්තිමත් කිරිමට උපරිම දායකත්වය දෙන බව වනජීවි හා සංචාරක කටයුතු අමාත්‍ය වසන්ත සේනානායක අද (31) පැවසීය.

අභිනව අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ සිය අමාත්‍යංශය වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සේනානයක මහතා,

”මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ. තවමත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක්. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවී වෙනත් ආණ්ඩුවල ඇමතිකම් ගත්ත පළමු වැනියා මම නෙවෙයි. කරු ජයසූරිය මහතා පවා ජාතික අවශ්‍යතාවය සලකා එලෙස සිදුකර තිබෙනවා . ඇමතිධුරයක් ගත්තා කියලා මන්ත‍්‍රීකමෙන් හෝ පක්ෂයෙන් ඉවත් කරන්න බැහැ.

මම මේ ආණ්ඩුව හදන්න එකතු වුණේ රටට හොඳ ආණ්ඩුවක් ඕන නිසයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත් වෙනසක් වෙන්න ඕන කියලා මා විශ්වාස කරනවා.”

යැයි ද පැවැසීය.

Read more

Local News