හිටපු ජනපති නශීඩ්ගේ දඬුවම් අත්හිටුවයි

Share

මාලදිවයින් හිටපු ජනාධිපතිවරයෙකුවු මොහොමඩ් නශීඩ්ට නියම කර තිබූ වසර 13 ක සිර දඬුවම අද (31) දින අත්හිටුවා තිබේ.

ඒ මාලදිවයින් රජයේ ප්‍රධාන නීතිඥයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් අභියාචනය විමර්ශනය කිරීමෙන් අනතුරුවය.

මොහොමඩ් නශීඩ් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින අතර මෙම තීන්දුවත් සමඟ ඉදිරි දිනකදී මාලදිවයිනට යා හැකි බවට තොරතුරු වාර්තාවේ.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස මාලදිවයිනේ ජනතාව විසින් පත් කර ගනු ලැබූ පළමු ජනාධිපති වන මොහොමඩ් නශීඩ් මහතාට ත්‍රස්තවාදී චෝදනා යටතේ අවුරුදු 13 ක සිර දඬුවමක් 2015 වසරේදී නියම කරනු ලැබීය.

ඔහුගේ පාලනයෙන් පසු එරට පත් වූ අබ්දුල් කයියුම්ගේ මහතාගේ රජය සමයේ මෙම සිර දඬුවම නියම කළේය.

නමුත් ඔහුට එරෙහි නඩු තීන්දුව නිසි ආකාරව සිදු නොවූ බවට එරට මාධ්‍ය හා විදේශ රටවල නායකයින්ගෙන්  චෝදනා එල්ල විය.

මොහොමඩ් නශීඩ්ගේ අසනීප තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයට පිටවීමට ඔහුට අවසර ලබාදුන් අතර පසුව ඔහුට බ්‍රිතාන්‍ය රජය යටතේ දේශපාලන රැකවරණය ලැබුණි.

කෙසේ වෙතත් පසුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අතර ඉකුත් 28 වනදා එරට පැවති මැතිවරණයෙන් අබ්දුල්  කයියුම් පරදා මොහොමඩ් නශීඩ්ගේ නායකත්වයෙන් යුත් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉබ්රාහිම් මොහොමඩ් සෝලි මහතා ජයග්‍රහණය ලැබූ අතර ඔහු ලබන නොවැම්බර් 17 වන දින මාලදිවයින ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතයි.

Read more

Local News