රජ පවුලට තවත් අමුත්තෙක්

Share

බ්‍රිතාන්‍ය රජ පවුලට තවත් රාජකීය අමුත්තෙක් එක්වීමට නියමිතව බවත් මේඝන් මාකල් කුමරිය මවු පදවිය ලැබීමට සුදානම් වන අතර මේ වන විට මේඝන් කුමරිය ගැබිනියක් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේඝන් – හැරී විවාහයත් සමඟ එයට විරුද්ධ වූ මේඝන්ගේ පියා වන තෝමස් මාකල් ගේ ආශිර්වාදය ඔවුන්ට අහිමි විය.

එමෙන්ම මේඝන් සහ හැරි විවාහයට විරුද්ධ වූ අැගේ වැඩිමහල් සොයුරිය වූ සමන්තා මෙකල් ද මේ ආරංචිය ලැබීමෙන් වෙනස් වී ඇති බව වාර්තාවේ.

‘’පසුගිය කාලේ සිද්ධ වුණ දේවල් දැන් අහෝසියි. මට අවශ්‍ය දැන් මෙඝන්ගේ සතුට පමණයි’’ යනුවෙන් මේඝන් කුමරියගේ සොයුරිය බ්‍රිතාන්‍ය පුවත්පතකට සදහන් කර තිබේ.

රජ පවුලේ එළඹෙන වසන්ත සමයේ දරු සුරතල් බැලීමට මේඝන් හා හැරී යුවළ ඉතාමත් සතුටින් සූදානම් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News