රුසියානු FSB මූලස්ථානයේ පිපිරීමක්

Share

අද (31) උදෑසන 9.00 ට පමණ FSB ගොඩනැගිල්ල තුළ සිදුවූ  පිපිරීමෙන් එහි සේවකයන් පිරිසක් තුවාල ලබා ඇත.

රුසියාවේ, වයඹදිග අර්කාන්ගෙල්ක් නගරයේ FSB ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානයට පුපුරණ ද්‍රව්‍ය සමග ඇතුළු වූ 17 හැවිරිදි තරුණයෙකු එය පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම, පිපිරීම හේතුවෙන් ගොඩනැගිල්ලට බලපතළ හානි සිදුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

රුසියාවේ ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුව මෙම සැකකරු 17 හැවිරිදි තරුණයෙකු බවත්, ඔහු පුපුරණ ද්‍රව්‍ය රැගත් සිය ගමන්මල්ල ගොඩනැගිල්ල තුළට ගෙනැවිත් එය විවෘත කර මෙම පිපිරීම සිදුකර ඇති බවත් CCTV දර්ශන අනුව පෙන්වා දෙයි.

එමෙන්ම, මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස පෙන්වා දෙන අර්කාන්ගෙල්ක් බලධාරීන් නගරයේ සියලු රජයේ ගොඩනැගිලිවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන අැති බව වාර්තාවේ.

Read more

Local News