දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තදවැසි

Share

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(01) දිනයේදීත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලකුලින් බරව පවතිනු ඇති අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මි.මී. 100 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට, මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News