බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා

Share

ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරීම පිණිස මේ වන විටත් විවිධ පාර්ශව මෙන්ම සංවිධානාත්මක කණ්ඩායම් විසින් විවිධ ක්‍රමවේද ඔස්සේ අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන් රට තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එමෙන්ම සමාජ ජාල මාධ්‍ය, වෙබ් අඩවි මෙන්ම ඇතැම් මාධ්‍ය ඔස්සේ මෙවැනි සාවද්‍ය මෙන්ම පදනම් විරහිත ප්‍රවෘත්ති හා මතවාදයන් ව්‍යාප්ත කිරීම සිදු වන බවද  එවැනි නොමග යවන සුළු මතවාද මගින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම හා මහජනතාව වෙත වැරදි තොරතුරු ලබා දීමෙන් වැඩබිම් ඇතුළු විවිධ ස්ථානයන්හි නොසන්සුන්තාවක් නිර්මාණය කිරීම මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම්වල අරමුණ වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒම නිවේදනය තුලින් පෙන්වා දෙයි.

ඒ අනුව කිසිදු පාර්ශවයක් ප්‍රචාරය කරන පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ නිසි අවබෝධයකින් යුතුව කටයුතු කරන මෙන් පොදු මහජනතාවගෙන් රජය ඉල්ලීමක් කරයි.

Read more

Local News