දියේ ගිලි අයෙක් අතුරුදන්

Share

උඩුදුම්බර, සුරියඅරණ ප්‍රදේශයේ දියනෑමට ගිය පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලි අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අතුරුදන්ව ඇත්තේ පෝද්දල, අදුරුප්පල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වෙයි.

නාවික හමුදා නිලධාරින් ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ තරුණයා සෙවිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News