විදේශ මුදල් සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Share

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(02) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද දින උදෑසන 7.40 ට ඩුබායි බලා පිටත්ව යන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි- 0372 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ බ්‍රිතාන්‍ය පවුම් 19,250 ක්, යූරෝ 29,000 ක් සහ ස්විස් ෆ්‍රෑන්ක් 20,000 ක් සඟවා ගෙන සිටියදී, රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම විදේශ මුදල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් අනූ දෙලක්ෂ තිස් හත් දහස් නවසිය හැට හයක් (92,37,966) ක් බව රේගුව පවසයි.

Read more

Local News