අගමැති නිත්‍යානුකූල බව ජනපති UN එකට කියයි

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථන සංවාදයක නිරත වූ බව ජනපති සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

එහිදී නව අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා දැනුවත් කර අැති අතර අදාළ පත් කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිදුකළ බවට ජනපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා හට පවසා ඇති බව වාර්තාවේ.

Read more

Local News