දුම්රිය වර්ජනයක් ?

Share

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය වෘත්තීය සංගමි පැවසීය.

ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල කළ මගීන් අත්අඩංගුවට නොගැතිම හේතුකොටගෙන බවත්, ඔවුන් අත්අඩංගුවට නොගන්නේ නම් සිය සේවා කටයුතු වලින් ඉවත් වන බව දන්වා තිබේ.

එසේම දුම්රිය නියාමකයින්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් පැවසුවේ මගීන් සුළු පිරිසකගේ ක්‍රියා හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත් වන බවයි.

Read more

Local News