හත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවා රංජිත් කියයි

Share

පාර්ලිමේන්තුව 07 වැනිදා කැඳවන බවට නිවේදනයක් තමන්ට ලැබී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඇඹිලිපිටියේදී අද (04) පැවැති මාධ්‍ය හමුවකදීය.

‘‘හත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනය දැන් අපිට ලැබිලා තියනවා. යම් කෙනෙක් අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා කියනවනම් පාර්ලිමේන්තුවේ 120කට වැඩි බහුතරයක් ඇති බව ස්ථාවර නියෝග අනුව පෙන්වීමට එදාට කටයුතු කරනවා. දැන් 118ක් අත්සන් කරලා රනිල් මන්ත‍්‍රීතුමාට පාර්ලිමේන්තුවේ සහාය තියනවයි කියලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප‍්‍රචාරය වෙනවා. ජවිපේ, ටීඑන්ඒ සහායත් තියෙනවා කියලා කියනවා. ඒක එහෙම වෙන්න එපාය.

හාමුට හාමුගේ ගෝලයෝ රොත්ත ඉන්න එපාය. අනුර රනිල්ගේ ගෝලයා. නමුත් ඔය පාර්ලිමේන්තුවට ලියුමක් බාරදීපු පමණින් එය බහුතරයක් බවට පත්වෙන්නේ නෑ. ඔය ලියුමට අත්සන් කරපු බොහෝ දෙනා ඉදිරියේ දි අපිත් එක්ක නියත වශයෙන් එකතුවෙන්න සූදානම් උදවිය’’ යැයි මන්ත්‍රිවරයා වැඩ්දුරටත් එහිදි පැවසීය.

Read more

Local News