මුලතිව් වෙරළට මාලු ගොඩගසයි

Share

මුලතිව් මනර්කුඩඉරිප්පු මුහුදු තීරයට ඊයේ (03) දින මාලු විශාල ප්‍රමාණයක් ගසාගෙන ඒමත් සමග තෝර මාළුන් කිලෝ 1800ක් පමණ අල්ලා ගැනීමට හැකි වූ බව ධීවරයන් පැවසුහ.

මුලතිව් මුහුදේ සිදු වූ වෙනස්වීමක් හේතුවෙන් මෙසේ කුඩා තෝර, පරා ආදි මාලු මුහුදු වෙරළ ආසන්නයට ගොඩ ගැසීමත් සමඟ ධීවර පවුල්හි ලොකු කුඩා සෑම අයෙකුම දැල් ආම්පන්න රැගෙනවිත් මාලු ඇල්ලීම සිදු කළ බව වාර්තාවේ.

Read more

Local News