අයහපත් කාලගුණයෙන් සිසිලිය‍‍ේ පුද්ගල මරණ 12ක්

Share

ඉතාලියේ සිසිලි දූපතේ පුද්ගල මරණ 12ක් පමණ මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් හ්‍ෙතුව‍ෙන් සිදුව තිබේ.

ඒ සමඟ මියගිය මුළු ගණන 30කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි සුළං සහ වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් ඉතාලියට මේ දිනවල දැඩි බලපෑම් එල්ල වෙමින් ඇත.

මේ සමඟම නායයෑම් කිහිපයක්ද සිදුව ඇති අතර ප්‍රද‍ේශ රැසකම ගංවතුර තත්ත්වයක් දක්නට ලැබිණි.

අයහපත් කාලගුණයෙන් නිවාස, රථවාහන ඇතුළු දේපළ රැසක් මෙලෙස විනාශ වී තිබ‍ෙ.

එකම පවුලේ සාමාජිකයින් නව දෙනෙකුද ඒ අතර වන බව සඳහන් වෙයි.

ඒ සමඟ අයහපත් කාලගුණය හේතුවෙන් එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 30 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News