කලාව පිළිබඳව ලබාදෙන අධ්‍යයනය ප්‍රමාණවත් නෑ

Share

පාසල් පද්ධතිය තුළ ළමුන්ට කලාව පිළිබඳව ලබාදෙන අධ්‍යයනය ප්‍රමාණවත් නොවන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මාතර වලස්මුල්ල මධ්‍ය මහා විදුහලේ දී පැවති ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

සාහිත්‍ය යනු වෙනම විෂයක් ලෙස පොතක ලියමින් සමත්විය යුතු විෂයක් නොවන බවත් එය අප ජිවත්වන සෑම මොහොතකම හදවත් තුළ තිබිය යුතු දෙයක් බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

මෙරට ජාතික පාසල් 352ක් තිබුණද ස්ථිර විදුහල්පතිවරු සිටින්නේ පාසල් 50ක පමණක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News