විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

මිල අධික විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කඳාන පොලීසිය පවසයි.

ඊයේ(04) දහවල් කඳාන පොලීසියට ලැබුණු තොරතුරක් මත බටගම ආප්පකඩේ හංදිය ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මෙම මිල අධික විදේශීය මත්පැන් තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 4 කට අධික බව තහවුරු වී ඇත. සැකකරු වයස අවුරුදු 60 ක් වු ආප්පකඩේ හංදිය ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද(05) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිටමිතයි.

Read more

Local News