නවදිල්ලිය දුමෙන් වැසෙයි

Share

වායු දූෂණය හමුවේ ඉන්දියාවේ නව දිල්ලි නුවර දැඩි ඝන මීදුමකින් වැසී පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අගනුවර වායු ගුණාත්මකභාවය අවදානම් සහගත අන්දමින් පහත වැටෙන බව පැවසූ ඉන්දීය කාලගුණවිද්‍යා බලධාරීන් අනතුරු අඟවා සිටියේ, මේ වනවිට නගර වැසියන් ආශ්වාස කරන වාතයේ අඩංගු දූෂක කාරක ආරක්ෂිත මට්ටමට වඩා 20 ගුණයකින් ඉහළගොස් ඇති බවය.

වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ඉන්දියාවේ මිලියනයකට වැඩි පුද්ගලයන් පිරිසක් මියයන අතර ලොව දූෂිතම වාතය සහිත නගරය නව දිල්ලිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර අැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read more

Local News