ජනපති ජනමහිම රැළිය අමතයි

Share

ජනපති අද (05) පැවති ජනමහිම රැළියට එක්වු අතර එතුමා එහිදි වැඩ්දුරටත් පැවසුවේ මේ රට නීති ගරුක රටක් වන අතර ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවත් පාර්ලිමේන්තුව දැන් හදලා අවසන් වන බවත්ය.

එමෙන්ම වැඩ්දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පැවසුවේ මේ රනිල් වික්‍රමසිංහගේ පීඩාකාරි පාලනයෙන් රට මුදා ගත යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා හට ජනතාවගේ හැගීම් සමඟ සෙල්ලමි නොකරන ලෙසය.

“මම සතුටුවෙනවා අවුරුදු හතරකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් එකම වේදිකාවකට එන්න ලැබීම ගැන. නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරිමෙන් බලාපොරොත්තු වුණේ, පුටවට මාරු කළේ ශරීර දෙකක් නෙමෙයි. මේ මාරු වුණේ මිනිස්සු දෙන්නෙක් නෙමයි. මේ මාරු වුණේ මේ රටට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දර්ශණයයි අපි පුටුවෙන් ඉවත් කළේ.

මේ පුටුවට පත්කළේ අපට රටට ගැළපෙන දේශයට ගැලපෙන, විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ මහතායි. මේක පුළුල් පරමාර්ථයක්. පුළුල් දැක්මක්. දේශපාලන වශයෙන් ගුණාත්මක භාවයක්. කළ යුතු දෙයක්. මෙතන ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් නෙමෙයි.

මේ කතා කරන්නේ මේ රටේ පනමෙන් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන ඩී.එස්. ඩඩ්ලි දර්ශනයේ ඇලී ගැලි පැහැදිලි දේශපාලන වෙනස් කිරිමේ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ විශ්වාස තබා නායකයින් පසුව පස යන එජාප පාක්ෂිකයන් අහන ප්‍රශ්නයක් තිබෙනවා. කුමක්ද ඒ ප්‍රශ්ණය ඒ ප්‍රශ්ණමය මීට දින හතරකට කලින් කරු ජයසූරිය මහතා මගෙන් ඇහුවා.

කරු ජයසූරිය මහතාට පැයක් කතා කරලා කිව්වා මම වෙනස කිරීමට හේතුව. ආණ්ඩුවට එක්වෙන්න එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මගෙන් ඇහුවා. එජාප පාක්ෂිකයන්ගේ සහායෙන් බලයට පත්වූ ඔබට මහින්ද රාජපක්ෂ පත්කිරීම විනා විකල්පයක් තිබුණේ නැත්ද කියා මගෙන් අහනවා

කරු ජයසූරිය මහතාට මම කිව්වා මතක නැත්ද මීට මාස අටකට පෙර විකල්පය ඔබට කිව්වා කියලා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ මම කථානායක කරු ජයසූරිය මහතාට කිවිවා අගමැති පුටුව භාර ගන්න කරු ජයසූරිය මහතාට මම වැන්දේ නැති ටික විතරයි. අවසානයේදී කථානායක මාව හමුවෙන්න ආවා. මාව හමුවෙන්න තනියෙන් එනවා කිව්වා කරු ජයසූරිය මහතා හිටපු අගමැති කරු ජයසූරිය මහාතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක ඇවිත් කිවේවේ මේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බෑ කියලා. කරු ජයසූරිය එදා ඒ විදිහට මාව අමාරුවේ දැම්මා.

මේ කතාව අහගෙන ඉන්න එජාප පාක්ෂිකයන් මම ව්‍යායාම අත්හැරියේ නෑ. පසුගිය මාස දෙකේදි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ගෙදරට එන්න කියලා ඔබේ නායකයාත් එක්ක වැඩ කරන්න මට බෑ කිව්වා. මම සජිත්ට කිව්වා මාස හයකට කලින් බාර ගන්න කියලා. ඔහු පස්ස ගැහුවා. මම සජිත්ට කිව්වා රනිල් අයින් කරමු ඔබ අගමැති බාර ගන්න කියලා මම කිව්වා.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කළේ ගිය සතියේ. මාස දෙකක් හවසට හවසට සජිත්ට කිව්වා මම ප්‍රශ්න විසඳන්නමි කියලා. සජිතුත් කිව්වේ නායකතුමාත් එක්කමට හැප්පෙන්න බෑ කියලයි. මම තීන්දු කළා රටට ගැලපෙන නායකයෙක් ගන තීනීදු ගන්න. ඒ නිසා මට ගලපෙන මිනිහෙක් හෙව්වා. කරු බෑ කිව්ව අගමැතිකම, රනිල් එක්ක හැප්පෙන්න බෑ කියලා කියලා කියපු අගමැති කම රනිල් එක්ක හැප්පෙන්නෙ නෙමෙයි රනිල් පෙරලගෙන යන්න පුළුවන් නායකයෙක් මම අගමැති කළා” යනුවෙන් ජනපතිවරයා මිට සුළු මොහොතකට පෙර පැවසීය.

 

 

Read more

Local News