ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී 2ක් මරුට

11

උඩපුස්සැල්ලාව පොලිස් වමමේ රාගල කොටඹ අතුරුමාර්ගයේ දී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

රාගල සිට කොටඹ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මතට ඊයේ(05) රාත්‍රියේ එලෙස ගසක් කඩා වැටී ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ කහතඩිඅරාව, මාස්පන්න ප්‍රදේශයේ පදිංචි 28 හා 40 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණ අද(06) දින සිදු කිරීමට නියමිත අතර උඩපුස්සැල්ලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.