එජාප මන්ත්‍රීවරු ඇමතිවරු ලෙස පොලිස් මූලස්ථානයට යාමට සූදානමක්

කථානායක කරු ජයසූරිය මහතා විසින් සිදුකළ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (06) පොලිස් මූලස්ථානයට යෑමට තීරණය කර තිබේ.

නලීන් බණ්ඩාර, දයා ගමගේ හා පාලිත තේවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ පොලිස් මූලස්ථානයට යෑමට නියමිත අතර සිය ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමට ද ඔවුන් තීරණය කර තිබේ.

තවද තමන් තවමත් අමාත්‍යවරයෙක් ලෙසත් යම් හෙයකින් පොලිස්පතිවරයා සිය ආරක්ෂාව අවම කිරීම හරහා සිය ජීවිතයට හානියක් සිදුවුවහොත් එහි වගකිම පොලිස්පතිවරයා විසින් බාර ගත යුතු බවත් දයා ගමගේ මහතා පැවසීය.