පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරීතාව ඉහළට

Share

ධාරානිපාත වර්ෂාවත් සමග පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරීතාව තවත් ඉහළ ගොස් අැති අතර ජලාශයේ වාන් දොරටු 10න් 8ක් අඩි 4 බැගින් ද තවත් වාන් දොරටු 2ක් අඩි 2ක බැගින් ද විවෘතව කර අැත.

මේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයට අයත් වාන් දොරටු 10න් තත්ත්පරයට ඝන අඩි 4450 ක ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැර අැති අතර මහවැලි ගංඟාවේ ජලය පරිභෝජනය කරන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසීය.

මේ අතර, වික්ටෝරිය ජලාශය අද පෙරවරු 7.00ත පමණ සිව්වන වරටත් වාන් දැමීම ස්වයංක්‍රීයව විවෘත කර තිබේ.

Read more

Local News