නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද වැඩභාර ගනී

Share

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (13) පෙරවරුවේ වැඩභාර ගත්තේය.

වැඩභාර ගැනීමෙන් අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේදී සමස්ත කාර්ය මණ්ඩලය ඇමතූ ගුණවර්ධන මහතා තමා වෙත පැවරී ඇති අභියෝගය සාර්ථක කර ගැනීම සඳහා සමස්ත කාර්ය මණ්ඩලයේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

වැඩ කිරීම චක්‍ර ලේඛවලින් හිර කර තිබෙන බවට ගෙන යන මතයේ සත්‍යතාවක් නොමැති බවත් සැලසුම් සහිත ක්‍රමවත් වැඩපිළිවෙළක් සිදු කිරීමට චක්‍ර ලේඛ බාධාවක් නොවන බවත් වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

 

Read more

Local News