සීගිරියේ රිය අනතුරක් – අයෙක් මරුට

Share

අද(07) උදෑසන සීගිරය පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහා හන්දියේ අනතුරක් සිදුවී අැත.

දඹුල්ල දෙසට ධාවනය වු කාර් රථයක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට පැමිණී පාපැදියක් ගැටී මෙම අනතුර සිදුව අැත.

අනතුරින් පාපැදිකරු බරතපතල තුවාල ලබා දඹුල්ල රෝහලට අැතුළත් කිරිමේදී මියගොස් අැත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 62ක්වු බුලනගම, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ පතිරණලාගේ ජිනදාස නම් වෙයි.

අනතුර සම්බන්ධයෙන් කාර්රථ රියදුරු අත්අඩංගුට ගෙන අැති අතර සීගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News