මධ්‍යම කඳුකරයට තදවැසි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(07) පස්වරු 2.30 සිට තද වැසි
ලැබෙමින් පවති.

හැටන් නගරයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟම හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් ෆෘට්හිල්
ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවී අැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පැවති අධික වර්ෂාවත් සමඟම වැසි ජලය ගලා බසින කාණු පද්ධති අවහිර විම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා බැසිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට ද තරමක බාධා මතු විය.

වැසි පවතින අවස්ථාවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News