විදෙස් සංචාරකයන් පැමිණිමේ වර්ධනයක්

Share

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 153,123ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් 152,429ට අනුරූපව 0.5%ක වර්ධනයකි.

කෙසේ වෙතත් වසරේ මුල් මාස 09 තුළ පවත්වාගෙන ආ සංචාරක පැමිණීම්හි වර්ධනයේ ප්‍රවණතාව අනුව මෙම වර්ධන ප්‍රතිශය අවප්‍රමාණය වීමක් බව එම අධිකාරිය සඳහන් කරයි.

ඔක්තෝබර් මාසයේ වැඩිම සංචාරක පැමිණීම් ප්‍රමාණය ආසියා සහ පැසිපික් කලාපයෙන් වාර්තා වෙයි.

වසරේ මේ දක්වා විදෙස් සංචාරකයන් දහ අට ලක්ෂ අසූපන්දහස් හතළිස් පහක් මෙරටට පැමිණ ඇත. එය පසුගිය වසරේ එම කාල සීමාවේදී මෙරටට පැමිණි දහ හත් ලක්ෂ හාරදහස් තුන්සිය හැටට සාපේක්ෂව 10.6%ක වර්ධනයකි.

Read more

Local News