පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට

Share

පැරණි ක‍්‍රමය යටතේ  ඉතා ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹදී අද (07) පවසයි.

බොහෝවිට ඉදිරි මාස තුනක කාලය තුළ පාළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බව අබේවර්ධන මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ පැවසීය.

‘‘ජනාධිපති සහ අගමැතිවරයා විසින් මැතිවරණ කොමසාරිමස්වරයා කැඳවා පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට උපදෙස් දුන්නා. පාර්ලිමේන්තුවේදී මේක ප‍්‍රමාද වෙනවනම් ඊළඟ මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයටත් මේ මැතිවරණය පවතින  මනාප ක‍්‍රමයට පැවැත්වීමටත් එහිදී උපදෙස් දුන්නා.

මේ රටේ ජනතාව මැතිවරණ නැතුව පීඩනයෙන් හිටියා. ජනතා පීඩනය නිසා මේ වතාවේ  විතරක් පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ පවත්වන්න පුලූවන්. ඒ නිසා කෙටි කාලයකින් මේ මැතිවරණය පැවැත්වීමට නියමිතයි‘‘ යැයිද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News