නිල්වලා ගඟේ ජලය වැඩි වෙයි – අවධානයෙන් සිටින්න

Share

නිල්වලා ගඟ ධාරා ප්‍රදේශයේ පිහිටි පානදුගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුරක් දක්වා ඉහළ නැඟ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ජල මට්ටම අද (08) පෙරවරු 6.00 වන විට මෙලෙස වර්ධනය වී ඇති අතර, තව දුරටත් ඉහළ නඟිමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් නිල්වලා ගඟ දෙපස පහත්බිම්වල වාසය කරන ජනතාවට ගංවතුර පිළිබඳ අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News