ලංකාව ගැන බ්‍රිතාන්‍ය කණස්සල්ලෙන්

Share

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍යය පැවසීය.

බ්‍රිතාන්‍ය කටයුතු කරනු ලබන්නේ රජයන් සමඟ නොව රාජ්‍යයන් සමඟ බව බ්‍රිතාන්‍යයේ ආසියා හා පැසිෆික් කලාපීය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා පැවසීය.

ෆීල්ඩ් මහතා මේ බව පැවසුවේ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල වූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින දේශපාලනික ගැටලුව නිරාකරණය කරගන්නා ලෙස තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

Read more

Local News