ගුවන් නියමුවරියන්ට වැඩි ඉල්ලුමක්

Share

ගුවන් නියමුවරියන් වැඩි වශයෙන් බඳවා ගැනීමට ගුවන් සමාගම් උනන්දුවක් දක්වමින් සිටින බව ගුවන් නියමුවන්ගේ සංගමයේ ජාත්‍යන්තර වෘත්තීය සංගමය පවසයි.

එම සංගමයේ නවතම සංඛ්‍යා ලේඛන වල දැක්වෙන්නේ ලෝකයේ වාණිජ ගුවන් සේවාවන් වල ගුවන් නියමුවරියන්ගේ ප‍්‍රතිශතය සියයට 5.18 ක් බවයි.

ඉන්දීය ගුවන් සමාගම් වල ගුවන් නියමුවරියන් වැඩි ම ප‍්‍රතිශතයක් සේවය කරනු ලබයි.

කාන්තා ගුවන් නියමුවන්ගේ ජාත්‍යන්තර සමාජයේ සභාපතිනි කැතී මැක්කලෝ පවසන්නේ, ගුවන් නියමුවන්ගේ හිඟය පියවා ගැනීම සඳහා ඉන්දියාව වැඩි වශයෙන් කාන්තාවන් ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙය අතිශය තාක්ෂණයට යොමු වූ රැකියාවක් බව සිතමින් බොහෝ කාන්තාවන් මේ සඳහා යොමු නොවන බව ලෝකයේ ලාබාලතම ගුවන් නියමුවරිය වන කේට් මැක්විලියම්ස් පවසයි.

වයස අවුරුදු 26 දී ගුවන් නියමුවරියක වූ ඇය පවසන්නේ ගුවන් නියමු රැකියාව පිළිබඳ ඇති ආකල්පය වෙනස් විය යුතු බවයි.

Read more

Local News