උසාවියට ගෙනා කුඩු සැකකරුවන් සෙනග අතර සැගවයයි

Share

ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවන් තිදෙනකු උසාවියේ රැස්වී සිටි සෙනඟ අතරින් එකවරම පලා ගිය සිද්ධියක් වාර්ථා වේ.

මෙසේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත්තේ මහර බන්ධනාගාරය මගින් ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකි.

පලාගිය එක් සැකකරුවෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනාම මත්කුඩු චෝදනාවක් මත රිමාන්ඩ් බාරයේ පසුවන්නන් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more

Local News