ආහාර සොයා පැමිණි වන අලියව බිලිගත් රජරට රැජිණිය

Share

උතුර දුම්රිය මාර්ගයේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා සිටි වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද (09) උදෑසන  6.10 ට පමණ ව්වනියාව සිට මාතර බලා ධාවනය වෙමින් තිබු රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියේ ගැටදිවුල ප්‍රදේශයේදී මෙම වන අලියා ගැටී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 35ක් පමණ වූ වන අලියෙකි.

ආහාර සොයා ගොස් පාලුකඩවල සිට තේක්කවත්ත රක්ෂිතය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

අනතුරට පත් වන අලියාට ප්‍රථිකාර කිරීම සඳහා ගල්ලමුව වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකයේ පිරිසක් පැමණි ප්‍රථිකාර කිරීමේ කටයුතු ආරම්භ කළද වන අලියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.

Read more

Local News