විග්නේෂ්වරන් TNAයට ඉවත් වීමේ ලිපිය භාරදෙයි

Share

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය අද(08) එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා වෙත බාරදී තිබේ.

මේ අනුව සී.වී.විග්නේස්වරන් අද සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකු නොවෙනු ඇත.

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයාට පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහඳ සාකච්ඡාවක් පැවැත්වු බවයි වාර්තා වන්නේ.

එහිදී සී.වී.විග්නේස්වරන්ගෙන් ඔහුගේ දේශපාලන අනාගතය පිළිබඳව මාවෙයි සේනාධිරාජා තොරතුරු විමසා ඇත.

තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටෙකත් උතුරු පළාතේ දේශපාලන කටයුතුවලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබේ.

Read more

Local News