උඩින් යන අමුත්තෙක් නිසා භීතියට පත් වූ පුත්තලමේ ජනතාව

Share

දින කීපයක් තිස්සේ මාරවිල,මහවැව,වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල සැරිසරණ හෙලිකොප්ටර් යානයක් හේතුවෙන් එම ජනතාව භීතියට පත්ව තිබේ.

පෙරවරු 9.00 – 10.00 ත් අතර කාලය තුළ පැමිණෙන මෙම හෙලිකොප්ටර් යානය ඉතාමත්ම පහළින් පියාසර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කීපයක දරුවන්ද කලබලය පත්ව ඇති බව වාර්තා වේ.

07 වෙනිදා වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යා ලයට සමීපවත් 08 වැනිදා මහවැව මහා විද්‍යාලයට සමීපයෙන්ම මෙම හෙලිකොප්ටර් යානය ගමන් කර ඇත.

තම පාසලයේ වහළයට ආසන්නයෙන් ගමන් කරන හෙලිකොප්ටර් යානය දැක මහවැව මහා විද්‍යාලයේ ඉගෙණුම ලබමින් සිටි දරුවන් කලබලයට පත්ව ඇත.

පසුව එම දරුවන්ගේ මව්පියන් විසින් මේ බව මාරවිල පොලීසියට දැණුම් දීමටද කටයුතු කර ඇත.

Read more

Local News