අගමැති පුටුවේ අායුෂ කොට බව ෆාෙන්සේකා කියයි

Share

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අඩුම කාලයක් අගමැති පුටුවේ රැඳී සිටි අගමැතිවරයා ලෙස ඉතිහාසගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ අද (08)  පැවති ප්‍රජාත්ත්‍රවාදය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ, එක්සත් ජාතික පෙරමුණේ විරෝධතා රැළියට එක්වෙමින්ය.

එහිදි වැඩ්දුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ හෘද සාක්ෂියට එකඟව ජනාධිපතිවරයාට හෝ වත්මන් අගමැතිවරයාට සතුටු විය නොහැකි බව ද මේ හේතුව නිසා කිසිසේත් එක්සත් ජාතික පාක්ෂිකයන් මානසිකව ඇද නොවැටිය යුතු බවයි.

එමෙන්ම වර්තමානය වන විට පොලීසියේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි වී අැති බවත්, රටේ බුද්ධිමතුන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා සිදුකරන ක්‍රියා දෙස වඩා විමසිලිමත්ව බැලිය යුතු බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

 

Read more

Local News