තෙවන දිනය නිමයි – ශ්‍රී ලංකාව ලකුණු 447ක් පසුපසින්

57

එංගලන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අද(08) තුන වන දිනය සඳහා නතර කරන විට, ජයග‍්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය.

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යාන්තර කී‍්‍රඩාංගණයේදීයි.

දිමුත් කරුණාරත්න ලකුණු 07 ක් සහ කෞෂාල් සිල්වා ලකුණු 08 ක් රැස් කරගෙන සිටියි.

එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලූ 06 ක් දැවී ලකුණු 322 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ශ‍්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 203 කි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 342 ක් රැස් කළේය.

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟය, විශිෂ්ට වමත් දඟපන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් ගේ අවසන් ටෙස්ට් තරඟයයි.