ගමන් මල්ලේන් මතුවූ රට සල්ලි තොගය

Share

විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධිව දිවයිනෙන් බැහැරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අද (09) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රුපියල් එක් කෝටි නව ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගයක් මෙලෙස රැගෙන යාමට තැත් කළ බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ.

සැකකරුගේ ගමන් මල්ලේ තිබී යුරෝ පනස් දහසක්, අමෙරිකානු ඩොලර් පන්දහසක් සහ සිංගප්පූරු ඩොලර් 149 ක් සොයා ගැනිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

සැකකරුට රුපියල් ලක්‍ෂයක දඩ මුදලක් නියම කිරීමෙන් පසු අදාළ විදෙස් මුදල් තොගය රාජසන්තක කර තිබෙනවා.

 

Read more

Local News