පාර්ලිමේන්තුව කඳවු සැනින් ඡන්දයක් – යුරෝපයෙන් නිවේදනයක්

Share

පාර්ලිමේන්තුව කැඳවූ සැනින්ම ඡන්ද විමසීමක් පවත්වා මතය විමසන්නැයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි නිවේදනය නිකුත්කර ඇත්තේ කොළඹ යුරෝපා සංගම් කාර්යාලය විසිනි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරු ප්‍රමුඛ යුරෝපා සංගම් දූත පිරිස ඒකාබද්ධව එම නිවේදනය නිකුත් කර ඇත.

 

Read more

Local News