බීඩි කොළ කිලෝ 700ක් සමඟ සැකකරුවන් 5ක් දැලේ

6

නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන යන ලද බීඩි කොළ කිලෝ 700 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

අද(09) අලුයම කල්පිටිය පොලිස් වසමේ කල්පිටිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන අතර එහිදී බීඩි කොළ කිලෝ 704 යි ග්‍රෑම් 700 හමුවී අැත.

කල්පිටිය-පාලවිය ප්‍රධාන මාර්ගයේ නාච්චිකල්ලිය ප්‍රදේශයේ දී සැකසහිත ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී ඉන්දියාවෙන් මෙරටට බෝට්ටු මඟින් ගෙන්වන ලද නීති විරෝධි මෙම බීඩි කොළ හමුවී අැත.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.